දේශීයප්‍රමුඛ පුවත 1

අමාත්‍යවරයෙකුට මරණ තර්ජන අයෙක් අත්අඩංගුවේ

(UTV |කොළඹ ) – අමාත්‍ය චමල් රාජපක්ෂ ඝාතනය කරන බව ඔහුගේ දුරකථනයට කෙටි පණිවිඩයක් යොමුකළ පුද්ගලයෙකු අද(20) අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඒ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් රාජගිරිය ප්‍රදේශයේදී බව පොලීසිය පවසයි.

මෙලෙස අමාත්‍යවරයාගේ ජංගම දුරකථනයට එවා ඇති කෙටි පණිවිඩයේ සටහන්ව ඇත්තේ අමාත්‍යවරයා තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරන බවයි.

මේ පිළිබඳව අද විශේෂ විමර්ශනයක් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදු කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා පුද්ගලික ආරක්ෂක ආයතනයක සේවය කරන පුද්ගලයෙකු බව අනාවරණය වී තිබේ.

මීට පෙරද මෙම පුද්ගලයා  සම්බන්ධයෙන්  කෙළඹ අපරාධ කොට්ඨාශය පරීක්ෂණ පවත්වයි .

Related posts

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 15ක සහන මල්ලක්

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ජනතාව මත පටවා ඇති බදු අඩු කළ යුතුයි – සජිත් ප්‍රේමදාස

Editor O

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැති වුණත්, අනන්‍යතාව තහවුරු කර ඡන්දය දාන්න පුළුවන් – මැතිවරන කොමිෂන් සභාව

Editor O

Leave a Comment