දේශීය

පොලිසියේ උසස්වීම්වලට අදාළ සම්මුඛ පරීක්ෂණ කැඳවේ

(UTV | කොළඹ) – ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්, සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කිරීමට අදාළ සම්මුඛ පරීක්ෂණ ලබන සිකුරාදා සිට ආරම්භ වේ.

සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇති මුළු සංඛ්‍යාව 476 ක් වන අතර ඒ අතරින් 462 දෙදෙනෙකු ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් වන අතර කාන්තා ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් 14 දෙනෙකු ද මෙම සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවා තිබේ.

සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස මෙහිදී උසස් කිරීමට නියමිතව ඇත්තේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 60 දෙනෙකු පමණි.

කාන්තා ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් අතරින් 10 දෙනෙකු ද මෙහිදී සහකාර පොලිස් අධිකාරීවරියන් ලෙස උසස්වීම් ලබනු ඇත.

වැඩබලන පොලිස්පතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිතව ඇත.

Related posts

රට වැසීමෙන් දුම්රියට කෝටි 13 කට වැඩි පාඩුවක්

Mohamed Dilsad

තරුණයින් දෙදෙනෙකු වලවේ ගඟට බිලි වෙයි

Mohamed Dilsad

ගල්කිස්සේ 15 හැවිරිදි දැරිය සිද්ධිය : වෙබ් අඩවි 4ක් තහනම් කරන ලෙස අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment