දේශීයප්‍රමුඛ පුවත 1

අගමැති – හිටපු ජනපති අතර සාකච්ඡා අදයි

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් අතර සාකච්ඡාවක් අද (18) කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ තීන්දු තීරණ ගැනීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර , ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන අය ඊට එක්වනු ඇත.

පොදු සන්ධානයක් ලෙස තරග කිරීමේදී පැන නැගී ඇති ගැටලු කිහිපයක් විසඳා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීම මත මෙම සාකච්ඡාව සංවිධාන කර තිබේ.

Related posts

ජංගම දුරකථන මිලදී ගන්නා අයට විශේෂ දැනුම්දීමක්

Editor O

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වගඋත්තරකරුවෙක් ලෙස නම් කරයි.

Editor O

කොරෝනා රෝගියෙක් සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව යයි

Mohamed Dilsad

Leave a Comment