දේශීය

මහින්දානන්දගේ නඩුවක වැඩිදුර විභාගය කල්යයි

(UTV | කොළඹ) – කොළඹ මහාධිකරණය රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව ඉකුත් රජය සමයේ ගොනුකර තිබූ නඩුවක වැඩිදුර විභාගය ජුනි මස 22 දක්වා කල් තැබීමට නියම කළේය.

අද(17) කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබීය.

වෙනත් නඩුවක් අද දින විභාගයට ගැනීමට නියමිතව තිබෙන හෙයින් මෙම නඩුවේ විභාගය ජුනි මස 22 වනදා සහ 23 වනදාට කල් දමන බව මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේය.

ඉකුත් රජය සමයේ නීතිපතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංගසය නැමැති වෘත්ති සමිතියේ සභාපති වරයා ලෙස කටයුතු කරමින් එම සමිතියට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

Related posts

ජනපති යළි දිවයිනට

Mohamed Dilsad

බස්රථයක් ප්‍රපාතයකට පෙරළී ළමුන් 24 ක් රෝහලේ [PHOTOS]

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයෙක් ඇසුරු කල 11 ක් පී.සී.ආර්. පරීක්ෂණයට

Mohamed Dilsad

Leave a Comment