දේශීය

හෝර්ටන්තැන්නට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ වෙලාව වෙනස් කරයි

(UTV| කොළඹ) – දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට පත්ව තිබෙන හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීම සදහා පැමිණෙන සංචාරකයන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම දිනපතා පස්වරු 2.00 න් පසු අත්හිටුවීමට තිරණයක් ගෙන ඇති බව හොර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු පි. කේ. එම්. පි.ප්‍රදීප් කුමාර මහතා අවධාරණය කරයි.

මෙම තීරණය ගැනීමට හේතුව ලෙසට ඔහු පෙන්වා දෙන්නේ ලෝකාන්තය ,බේකර්ස් ඇල්ල ඇතුළු හොර්ටන්තැන්න වනෝද්‍යානයේ සුන්දරත්වය නැරඹීම සදහා සංචාරකයින්ට කිලෝමීටර 8 ක් දුර පාගමනින් යායුතු බවත්, එ් සදහා අවම වශයෙන් පැය හතරක පමණ කාලයක් ගත වන බැවින් පස්වරු 2.00 න් පසු එ් සදහා ප්‍රවේශපත්‍ර නිකුත් කලහොත් පස්වරු 6.00 න් පසු සංචාරකයන්ට වනෝද්‍යානයේන් ඉවතට ඒමට නොහැකි බවයි.

වනෝද්‍යානයේ භාරකරු සංචාරකයන්ගෙන් ඉල්ලා සිටින්නේ පස්වරු 2.00 න් පසු හොර්ටන්තැන්නේ ලෝකාන්තය සහ බේකර්ස් ඇල්ල යන ස්භාවික ස්ථාන නැරඹීමට ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බවත්, එය නැරඹීමට සහ සුන්දරත්වය නැරඹීමට උදෑසනින්ම හොර්ටන්තැන්නට පැමිණෙන ලෙසත්ය.

Related posts

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 31,680 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

උසස් අධ්‍යාපන ගැටළු රැසක් ගැන විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්

Editor O

අර්ජුන මහේන්ද්‍රන් ගැන වාර්තාව අද හෝ හෙට

Mohamed Dilsad

Leave a Comment