දේශීය

සතිඅන්ත නිවාඩුවට කොළඹ – බදුල්ල විශේෂ දුම්රිය සේවයක්

(UTV | කොළඹ) – දුම්රිය දෙපාර්තමේන්තුව පවසන ආකාරයට සති අන්ත දීර්ඝ නිවාඩුව සැලකිල්ලට ගෙන මේ මස 20 හා 23 යන දෙදින තුළ කොළඹ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

මේ අනුව 20 වැනිදා රාත්‍රී 7.35ට කොළඹ කොටුවේ සිට විශේෂ දුම්රියක් ධාවනය කරන බවත්, එම දුම්රිය 21 වැනිදා අලුයම 4.50ට බදුල්ල දුම්රිය ස්ථානයට ළඟා වන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම දුම්රිය දෙකටම අදාළව කලින් ආසන වෙන්කර ගැනීමේ පහසුකමද සලසා දී තිබෙන අතර 23 වැනිදා රාත්‍රී 8.30 බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා දුම්රියක් ධාවනය කෙරේ.

Related posts

ගත වූ පැය 24 තුළ මෙරට කොරෝනා රෝගියෙක් වාර්තා නොවේ

Mohamed Dilsad

යෝෂිත ට සහ ඩේසි ට නඩු

Editor O

ජවිපෙ ප්‍රමුඛ ආණ්ඩුව ජනතාව තුළින්ම අභියෝගයට ලක්වෙලා – පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර

Editor O

Leave a Comment