ව්‍යාපාරික

ලොව ඛනිජ තෙල් සඳහා ඉල්ලුම පහතට

(UTV | කොළඹ) – ලොව ඛනිජ තෙල් සඳහා ඉල්ලුම පහත වැටී ඇති බව ජාත්‍යන්තර බලශක්ති ආයතනය පවසයි.

ඒ කොවිඞ් 19 හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ ඉල්ලුම පහත වැටීම බව ඊට ප්‍රධාන හේතුවක් ලෙස ඔවුන් පෙන්වා දෙයි.

බලශක්ති ආයතනයේ ඇස්තමේන්තුව සඳහන් කළේ 2020 සඳහා ලෝක බලශක්ති පාරිභෝජනය දිනකට බැරල් හාරලක්ෂ තිස්පන්දහසකින් අඩුවනු ඇති බවයි.

මේ වනවිට ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 57 යි ශත 31 දක්වා පහත වැටී තිබේ.

2020 දී එම තෙල් බැරලයක මිල සියයට 13 කට වැඩි ප්‍රශතයකින් පහත වැටීම විශේෂත්වයක්.

Related posts

වියලි කාලගුණ තත්වයට ඔරොත්තුදෙන නව වී ප්‍රබෙදයක්

Mohamed Dilsad

පෞද්ගලික බැංකු කිහිපයක් අද සිට සතියක් වැසෙයි

Mohamed Dilsad

ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල යතා තත්වයට

Mohamed Dilsad

Leave a Comment