ක්‍රීඩා

2020 IPL ක්‍රිකට් තරඟාවලිය ලබන මාසයේදී

(UTV | කොළඹ) – 2020 ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය ලබන මාර්තු මස 29 වනදා ආරම්භ වීමට නියමිත බව එරට විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

තරඟ සංවිධාකයින් පවසන්නේ දකුණූ අප්‍රිකානු කණ්ඩායමේ ඉන්දීය තරඟ සංචාරය අවසන් වීමෙන් පසු අයි.පී.එල් තරඟාවලිය ආරම්භ කරන බවයි.

ඒ අනුව පළමු තරඟය පසුගිය වසරේ ශූරයන් වු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ එහි අනුශූරයන් වු චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

එරට මාධ්‍ය පවසන්නේ තරඟාවලියේ කාලසටහන මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති වුවද අවසන් මහා තරඟය මැයි මස 24 වනදා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

Related posts

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට විශිෂ්ට ජයක්

Mohamed Dilsad

ඇමෙරිකාවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ට කඩුලු 09ක ජයක්

Editor O

පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් අද පැවැත්වෙන තරඟ

Mohamed Dilsad

Leave a Comment