දේශීය

ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කර රට පනින්න සැදූ තරුණයෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ඉතාලිය හරහා පෘතුගාලයට පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු අද කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 

මෙම පුද්ගලයා කූඨ ලේඛන ඉදිරිපත් කර පැනයාමට තැත්කර ඇති අතර , අද අලුයම කටාර් ගුවන් සේවයට අයත් යානයකින් ඉතාලියේ මල්පෙන්සා නුවර බලා පිටත්ව යෑම සදහා සූදානම්ව සිට තිබේ.

ඔහු ඉදිරිපත් කළ වීසා බලපත්‍රය , ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නොවන අයුරින් සකස් කළ ව්‍යාජ එකක් බව එහි සේවය කළ නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබේ.

ඉන්පසුව මෙම තරුණයාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කළ අතර , එහිදී පෘතුගාලයේ සිටින තම ඉන්දීය ජාතික මිතුරෙකු , තමාට එරටට පැමිණීම සදහා උදව් කරන බව පැවසීය.

පසුව මෙම තරුණයා අත් අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හට භාර දීමට පියවර ගෙන තිබේ.

Related posts

ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම දින 2 කට වරක්

Mohamed Dilsad

සරසවි සිසුන් 25කට වසර දෙකක් පන්ති තහනම්

Mohamed Dilsad

ශ්‍රී ලාංකිකයින්ට පෝලන්තයේ රැකියා

Editor O

Leave a Comment