Trending Newsදේශීය

ශ්‍රී ලාංකිකයින්ට පෝලන්තයේ රැකියා

(UTV | කොළඹ) –

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට රැකියා ලබාදීම සඳහා පෝලන්ත රජයේ අවධානය යොමු වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. ඒ අනුව ඉදිරි කාලයේදී දෙරට අතර ගිවිසුමක් ඇතිකරගෙන රැකියා ලබාදීමට නියමිතයි.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ ගැන සඳහන් කරයි.

එමෙන්ම ශ්‍රී ලාංකිකයින්ට පෝලන්තයට ඇතුළුවීමට වීසා පහසුකම් ලිහිල් කිරීමට ද එහිදී සාකච්ඡා කර තිබේ කෙසේවෙතත් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් පෝලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රතිචාරවලට ස්තූතිය පළ කරන බව ද විදේශ අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.

Related posts

எம்.சி.சி உடன்படிக்கை குறித்து அமெரிக்க தூதரகம் அறிவிப்பு

Mohamed Dilsad

எதிர்வரும் புதன்கிழமை எரிபொருள் பவுசர் உரிமையாளர்கள் பணிப்புறக்கணிப்பு

Mohamed Dilsad

இலங்கையை வைத்து இந்தியாவில் மேற்கொள்ளப்பட்ட இணைத்தாக்குதல் முறியடிப்பு

Mohamed Dilsad

Leave a Comment