දේශීය

රංජන් අද රස පරීක්ෂක හමුවට

(UTV | කොළඹ) –  පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ කටහඩ පරීක්ෂණයක් සඳහා අද (07) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පසුගිය දිනවල සමාජයේ දැඩි කතාබහට ලක්වූ දුරකථන සංවාද හඩපට සිද්ධියට අදාළව මන්ත්‍රීවරයා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටහඩ පරීක්ෂණයකට යොමු කරවන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළේය.

මේ අතර බලපත් අලුත් නොකල ගිනි අවියක් ලග තබාගැනීමේ සිද්ධියට අදාළව මන්ත්‍රීවරයාට එරෙහි නඩුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවීමට නියමිතව ඇත.

Related posts

ජීවන වියදම් කමිටුවේ යෝජනා පිළිබඳ අවසන් තීන්දුව

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

වැඩිහිටි – වකුගඩු – ආබාධිත දීමනා යටතේ මිලියන 3057 ක් ගෙවා අවසන් කරයි

Mohamed Dilsad

Leave a Comment