ක්‍රීඩා

2021 කාන්තා රග්බි තරගාවලිය නවසීලන්තයේදී

(UTV | කොළඹ) – 2021 වසරේ කාන්තා ලෝක කුසලාන රග්බි තරගාවලිය නවසීලන්තයේදී පැවැත්වීමට නියමිතයි.

9 වන කාන්තා ලෝක කුසලාන රග්බි තරගාවලිය පැවැත්වෙන දින,ස්ථාන පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් පසුගියදා පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ලෝක රග්බි සම්මේලනය මේ පිළිබඳ අනාවරණය කළේය.

ඒ අනුව මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගය, අවසන් පූර්ව තරගය සහ තුන්වන ස්ථානය වෙනුවෙන් පැවැත්වෙන තරග නවසීලන්තයේ විශාලම ක්‍රීඩාංගණයේදී පැවැත් වීමට නියමිතයි.

මේ වන විටත් ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියට සුදුසුකම් ලබා ඇත්තේ නවසීලන්තය, එංගලන්තය, ප්‍රංශය, අමෙරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව, වේල්සය, දකුණු අප්‍රිකාව සහ ෆිජි රාජ්‍ය බව සඳහන්.

ඒ අනුව 9 වැනි කාන්තා ලෝක කුසලාන රග්බි තරගාවලිය රටවල් 12කගේ නියෝජනයෙන් පැවැත් වෙයි.

සැප්තැම්බර් 18 වැනිදා සිට ඔක්තෝබර් 16 වැනිදා දක්වා නවසීලන්තයේදී පැවැත්විමට නියමිතයි.

Related posts

67 වැනි රන් සටනට අද

Mohamed Dilsad

පරාජයට කරුණු විමසන්න ඇමති ෆයිසර් සුදානම්.

Mohamed Dilsad

බංග්ලාදේශයට අමිහිරි පරාජයක්

Mohamed Dilsad

Leave a Comment