දේශීයවිදෙස්

කොරෝනා වෛරසයට 563 ක් ගොදුරුවෙයි

(UTV | කොළඹ) –  චීනයේ මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය සංඛ්‍යාව 563 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

කොරෝනා ආසාදිත සංඛ්‍යාව ද 28,018 ක් වන බව එම වාර්තාවල සදහන් වේ.

වූහාන් නගරයේ සිරවී සිටි මලයාසියානු ජාතිකයන් 107 දෙනෙකු පෙරේදා ක්වාලලාම්පූර් වෙත රැගෙන විත් ඇති අතර, ඉන් දෙදෙනෙකුට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කළ බැවින් කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව මලයාසියාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වූහාන් නගරයෙන් ඉවත් කරගත් රුසියානු පුරවැසියන් 78 දෙනෙකු නිරෝධායනය සඳහා ඊයේ (05) සයිබීරියාව වෙත යොමුකර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

කොරෝනා වෛරසය ආසාදනය වූ ලාබාලතම දරුවා පිළිබඳ චීනයේ – වූහාන් නගරයෙන් වාර්තා වී ඇති අතර , එම දරුවා බිහි වී පැය 30 කට පසුව වෛරසයට ගොදුරු වී තිබේ.

මේ අතර, චීනයේ – වුහාන් නගරයේ සිට පසුගියදා පැමිණි ශ්‍රී ලාංකිකයින් 33 දෙනා තවමත් දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ නිරෝධායන ඒකකයේ රඳවා තබාගෙන නිරන්තරයෙන් වෛද්‍ය පරීක්ෂණ සිදුකරමින් පවතියි.

Related posts

විදේශ අමාත්‍යාංශයෙන් මෙරටට පැමිණෙන හා පිටව යන සංචාරකයින්ට දැනුම්දීමක්

Mohamed Dilsad

සුදු සීනි වලට උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

හම්බන්තොට නගරාධිපති ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment