දේශීය

ගල්කිස්ස තරුණයා ඝාතනයට තවත් සිව්දෙනෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – ගල්කිස්ස සේරම් පාරේ පිහිටි රාත්‍රී සමාජශාලාවක ඇතිවූ ගැටුමෙන් පසු පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සිව්දෙනෙකු ඝාතනය සඳහා යොදාගත් පිහියද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සිව් දෙනා ගල්කිස්ස හා දෙහිවල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (06) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම චෝදනාවට අදාලව සැකකරුවන් දෙදෙනෙකු පෙරේදා දිනයේදී ද අත්අඩංගුවට ගැනුනු අතර මේ වන විට සිද්ධියට අදාලව පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් සංඛ්‍යාව 6 කි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ මෙහෙයවන්නේ ගල්කිස්ස පොලීසිය මෙහෙයවනු ලබයි.

Related posts

ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

Editor O

තවත් රිමාන්ඩ් රැඳවියන් පිරිසක් මුදා හැරේ

Mohamed Dilsad

ධනංජය සිල්වාගේ සහෝදරයාට මැර ප්‍රහාරයක්

Editor O

Leave a Comment