Trending Newsඑසැන පුවත්දේශීය

ධනංජය සිල්වාගේ සහෝදරයාට මැර ප්‍රහාරයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන, සාවිත්‍ර සිල්වා හට මැර ප්‍රහාරයක් එල්ලවී ඇතැයි පොලීසිය කියයි. තියුණු ආයුධයකින් කළ මෙම ප්‍රහාරය එල්ලව ඇත්තේ ඊයේ (10) රාත්‍රී 7.30 ට පමණ බවයි පොලීසිය සඳහන් කළේ.

ප්‍රහාරයෙන් තුවලා ලද සාවිත්‍ර සිල්වා, මොරටුව ලුනාව රෝහල වෙත ඇතුළත් කර තිබේ. ඔහුගේ තත්ත්වය බරපතල නැතැයි සඳහන්. ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් හඳුනාගෙන ඇතැයි ද පොලීසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

ධනංජය ද සිල්වාගේ පියා වන රංජන් ද සිල්වා 2018 වසරේ දී ඝාතනයට ලක්වූයේ පාතාලයේ වෙඩි තැබීමකිනි. ඔහු දෙහිවල ගල්කිස්ස නගර සභාවේ හිටපු නගරසභා මන්ත්‍රීවරයෙකි.

Related posts

කම්කරු පන්තියේ ආණ්ඩුව, අය-වැය ගැන වෘත්තීය සමිති සමග සාකච්ඡා කර නැහැ – පාඨලී චම්පික

Editor O

Afternoon thundershowers to lash Sri Lanka today

Mohamed Dilsad

அதிக விடுமுறை எடுக்காத ஆசிரியர்களுக்கு பாராட்டு விழா

Mohamed Dilsad

Leave a Comment