Trending Newsඑසැන පුවත්දේශීය

ධනංජය සිල්වාගේ සහෝදරයාට මැර ප්‍රහාරයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන, සාවිත්‍ර සිල්වා හට මැර ප්‍රහාරයක් එල්ලවී ඇතැයි පොලීසිය කියයි. තියුණු ආයුධයකින් කළ මෙම ප්‍රහාරය එල්ලව ඇත්තේ ඊයේ (10) රාත්‍රී 7.30 ට පමණ බවයි පොලීසිය සඳහන් කළේ.

ප්‍රහාරයෙන් තුවලා ලද සාවිත්‍ර සිල්වා, මොරටුව ලුනාව රෝහල වෙත ඇතුළත් කර තිබේ. ඔහුගේ තත්ත්වය බරපතල නැතැයි සඳහන්. ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් හඳුනාගෙන ඇතැයි ද පොලීසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

ධනංජය ද සිල්වාගේ පියා වන රංජන් ද සිල්වා 2018 වසරේ දී ඝාතනයට ලක්වූයේ පාතාලයේ වෙඩි තැබීමකිනි. ඔහු දෙහිවල ගල්කිස්ස නගර සභාවේ හිටපු නගරසභා මන්ත්‍රීවරයෙකි.

Related posts

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

සයිටම් වෛද්‍ය විද්‍යාලයට සිසුන් ඇතුලත් කර ගැනීම නවතී

Mohamed Dilsad

Twitter threatened with shutdown in Pakistan

Mohamed Dilsad

Leave a Comment