දේශීය

මෙහෙකාර සේවයේ අවුරුදු 16 ට අඩු දරුවන් නොයෙදීමට පියවර

(UTV | කොළඹ) – අවුරුදු 16 ට අඩු දරුවන් මෙහෙකාර සේවයේ යොදවා නොගැනීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ.

ඒ, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත එමා බ්‍රිගම් සහ අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අතර පැවති සාකච්ඡාවකදියි.

තවද වැරදි සිදු කරනු ලබන අවුරුදු 18 ට අඩු දරුවන් බන්ධනාගාර ගත කිරීම පිළිබදව අදහස් හුවමාරු වු අතර ඔවුන් බන්ධනාගාරයට නොයැවීමට ගත හැකි පියවර පිළිබදව සාකච්ඡා විය.

එහිදී වයස අවුරුදු 18 ට අඩු දරුවන් බන්ධනාගාරවලට යැවීමෙන් වැලකී සිටීම සම්බන්ධයෙන් සාකච්ජා කර තිබෙන අතර මරණ දඩුවම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ පවතින නීති නියාමනය කිරීම ද මෙම සාකච්ජාවේදී අවධානය යොමුවූ බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

මරණ දඩුවම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ පවතින නීති නියාමනය කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වු අතර අමාත්‍යවරයා සදහන් කළේ, ඒ පිළිබදව සළකා බලා සුදුසු පරිදි කටයුතු කරන බවයි.

Related posts

8500 ක් රාජ්‍ය සේවයේ පුහුණුවට බඳවා ගැනීමට පියවර

Mohamed Dilsad

සෞදි විදේශ ඇමති ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

ෂෙහාන් සේමසිංහගෙන් ආර්ථික ඉලක්ක 03ක්

Mohamed Dilsad

Leave a Comment