දේශීය

8500 ක් රාජ්‍ය සේවයේ පුහුණුවට බඳවා ගැනීමට පියවර

(UTV | කොළඹ) – අභ්‍යාසලාභි උපාධිධාරීන් ලෙස රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා තවත් 8500 ක් බඳවා ගැනීමට පියවර ගත් බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

පළමු වටයේදී රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා සුදුසුකම් නොලැබූ උපාධිධාරීන් යොමු කළ අභියාචනා සැලකිල්ලට ගෙන මෙම පිරිස බඳවා ගත් බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේය.

ඔවුන්ගේ පත්වීම් ලිපි ස්ථිර පදිංචිය ඇති ප්‍රාදේශීය ලේකම්වරයා වෙත යොමු කළ බව ද රත්නසිරි මහතා පැවසීය.

මේ වනවිට රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගෙන ඇති උපාධිධාරීන් සංඛ්‍යාව 50,000 කි.

 

Related posts

පාර්ලිමේන්තුව රැස්වෙයි

Mohamed Dilsad

කඩුවෙල ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට

Mohamed Dilsad

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment