ක්‍රීඩා

බංග්ලාදේශයට අමිහිරි පරාජයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශය සහ නෙදර්ලන්තය අතර තරගය ද අද (28) පැවැත්වුණි.

 

එම තරගය ලකුණු 87කින් ජයගැනීමට නෙදර්ලන්තය සමත්විය.

 

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.

 

ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ නෙදර්ලන්ත කණ්ඩායමේ සියලුදෙනා රැස් කළේ ලකුණු 229ක් පමණි.

 

තරගය ජයගැනීම සඳහා බංග්ලාදේශයට හිමිවූ ඉලක්කය ලකුණු 230කි.

 

එම ඉලක්කය හඹා ගිය බංග්ලාදේශය පන්දුවාර 42යි පන්දු 02ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 142ක් පමණි.

Related posts

ශ්‍රී ලංකාවට ලකුණු 275ක ඉලක්කයක්

Mohamed Dilsad

කාසියේ වාසිය බංගලාදේශයට

Mohamed Dilsad

ඔලිම්පික් සදහා ශ්‍රි ලංකික ක්‍රිඩක ක්‍රිඩිකාවන් 9 දෙනෙක්

Mohamed Dilsad

Leave a Comment