ගොසිප්

විස්සයි – 20 තරගාවලි සඳහා අලුත් නායකත්වයක්

(UTV | කොළඹ) –  මාර්තු මස පැවැත්වීමට නියමිත විස්සයි – 20 තරගාවලියේදී නව නායකයකු පත්කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

එළඹෙන මාර්තු මස 04 වැනිදා හා 06 වැනිදා බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ මහනුවර පල්ලෙකැලේ පිටියේදී පැවැත්වෙන විස්සයි – 20 තරගාවලියේදී නව නායකයකු පත්කිරීමට නියමිත බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.

කොදෙව්වන් සමඟ පැවැත්වෙන තරගාවලියේදී පත්වන නායකයා ඔක්තෝබර් මාසයේදී ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන විස්සයි – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙහෙයවනු ඇති බවද දැනගන්නට ලැබේ.

ශ්‍රී ලංකා විස්සයි – 20 නායක ලසිත් මාලිංගගේ නායකත්වයේ ඇති අඩුපාඩු රැසක් පිළිබදව ද පසුගිය දිනවල බොහෝ කතාබහට ලක්වූ අතර , ඔහුගේ ශරීරයේ බර සම්බන්ධයෙන්ද වත්මන් පුහුණුකාරීත්වය ඔහුට අනතුරු සංඥා නිකුත් කර ඇති බවද වාර්තා වෙයි.

Related posts

රන්ජන් මානව හිමිකම් ඉල්ලා ජිනීවා යන්න සූදානම් වෙයි

Mohamed Dilsad

සජිත්ගේ රැස්වීමකට ගල් ප්‍රහාරයක්

Mohamed Dilsad

යුරේනි නොෂිකාගේ, අලුත්ම ඡායාරූප එකතුව

Mohamed Dilsad

Leave a Comment