දේශීය

මහින්දානන්දගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කෙරේ

(UTV | කොළඹ) – රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ වෙත පණවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (31) නියම කළේය.

මෙම නියෝගය ආර්.ගුරුසිංහ, අමල් රණරාජා සහ ශෂී මහේන්ද්‍රන් මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ලබා දී තිබේ.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ක්‍රීඩා සංගම් අතර බෙදා දීම සඳහා රුපියල් කෝටි 5 කට ආසන්න වටිනාකමකින් යුත් ක්‍රීඩා භාණ්ඩ සතොස ආයතනය මඟින් ආනයනය කර බෙදාහැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් සතොස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දු සහ එවක ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය කළේය.

නඩු විභාගය ලබන මාර්තු මස 11 වනදා දක්වා කල් තැබීමට ද ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල තීන්දු කර ඇත.

Related posts

දිස්ත්‍රික්ක 3 කට අයත් තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලාවට

Mohamed Dilsad

නියඟයෙන් හානිවූ අක්කර ගණන 47000කට ආසන්න වෙයි

Mohamed Dilsad

එංගලන්තයෙන් නීතිවිරෝධීව ගෙන්වූ අපද්‍රව්‍ය ප්‍රතිඅපනයනය කිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment