ව්‍යාපාරික

කජු වගාව ව්‍යාප්ත කිරීමට පියවර

(UTV | කොළඹ) – කජු වගාකරුවන්ට සහන ලබාදෙමින් කජු වගාව ව්‍යාප්ත කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කජු කර්මාන්තයේ නිරත වූවන් හමු වූ අවස්ථාවේදි.

ගම්පහ ප්‍රදේශවල විශාල පිරිසක් පාරම්පරිකව කජු කර්මාන්තය ජීවනෝපාය කරගෙන සිටින අතර කජු සංස්ථාව මඟින් මෙම ප්‍රදේශයේ අක්කර දෙකක වගා භූමියකින් යුත් කජු පිරිසැකසුම් මධ්‍යස්ථානයක්ද ආරම්භ කර තිබේ.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මිලදී ගන්නා ලෙලි සහිත කජු මෙහිදී ඇසුරුම් කොට දේශීය වෙළදපොළට නිකුත් කිරීම සිදුවේ.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ දේශීය කජු වගාකරුවා ආරක්ෂා කිරීම වෙනුවෙන් කජු ආනයනයද සීමා කිරීමට රජය පියවර ගන්නා බවයි.

Related posts

සඳුදා සිට පාන් මිල වැඩිකෙරේ

Mohamed Dilsad

ඉන්දන මිල සංශෝධනය අද (31)

Editor O

බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාමේ ඉඟියක්

Mohamed Dilsad

Leave a Comment