දේශීයව්‍යාපාරික

බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාමේ ඉඟියක්

(UTV | කොළඹ) – ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් සියලු බේකරි නිෂ්පාදන මිල ද ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

අද (12) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් එම සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසුවේ, මේ වන විටත් ඇතැම් බේකරි හිමියන් සිය නිෂ්පාදනවල මිල ඉහළ නංවා ඇති බවයි.

ඉන්ධන මිල මෙන්ම බේකරි නිෂ්පාදනයට අවශ්‍ය සෙසු අමුද්‍රව්‍යවල මිලද මේ වන විට ඉහළ ගොස් ඇති බවට පෙන්වා දෙන ජයවර්ධන මහතා පැවසුවේ තිරිඟු පිටි මිලද ඉදිරියේ දී ඉහළ යනු ඇති බවයි.

Related posts

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දීමක්

Mohamed Dilsad

විරැකියාව තුරන් කිරීමට, ව්‍යවසායකත්වය පාසල් විෂය නිර්දේශයට – විපක්ෂ නායක

Editor O

පාන් පිටි මිල නැවතත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment