ප්‍රමුඛ පුවත 1විදෙස්

කොරෝනා මරණ දිනෙන් දින ඉහළට

(UTV | චීනය) – නව කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 170 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට රටවල් 20 කින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7,283 කි.

මෙසේ වෛරස ආසාදිතයෙක් වාර්තා වූ නවතම රාජ්‍ය වන්නේ ෆින්ලන්තයෙන් වන අතර චීනයේ වූහාන් නගරයෙන් පළමුවරට වාර්තා වූ කොරොනා වෛරස ආසාදනය අද වන විට ලෝකයේ රටවල් රැසක් වෙත ව්‍යාප්ත වී පවතියි.

මේ අතර නව කොරෝනා වෛරස ආසාදනය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ගතවූ දින 3ක කාලය තුළ කැපී පෙනන ලෙසින් වර්ධනය වී තිබේ.

එමෙන්ම ලොව පුරා වෛරස අසාදිතයන් වාර්තාවීමේ ද ශීඝ්‍ර වර්ධනයක් ද දක්නට ලැබෙයි.

Related posts

අගමැති දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය වැඳ පුදා ගනී

Mohamed Dilsad

රැකියා විරහිත උපාධිධාරීන්ට කඳුළු ගෑස් ප්‍රහාර

Mohamed Dilsad

ආහාර විෂවීමකින් සිසුන් පිරිසක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment