ප්‍රමුඛ පුවත 1

රැකියා විරහිත උපාධිධාරීන්ට කඳුළු ගෑස් ප්‍රහාර

(UTV| කොළඹ) – රැකියා විරහිත උපාධිධාරීන් සිදුකරන විරෝධතා පා ගමන විසුරුවා හැරීම සඳහා පොලිසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරයි.

විරෝධතාකරුවන් කොළඹ කොටුව බැංකු මාවත හරහා ජනාධිපති ලේකම් කාර්යාලයට යෑමට උත්සාහ කිරීමේදී පොලීසිය සමඟ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ.

අද පෙරවරුවේ විරෝධතාකරුවෝ කොටුව දුම්රියපල ඉදිරිපිට විරෝධතාව ආරම්භ කළහ.

57,000 කට ආසන්න රැකියා විරහිත උපාධිධාරීන්ට කඩිනමින් රැකියා ලබාදෙන ලෙස සහ සංවර්ධන නිලධාරීන් 20,000 කට ආසන්න පිරිසකගේ පත්වීම් අත්හිටුවීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ඔවුන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පැරිෂුට් පුහුණුවක සිටි සෙබලෙක් මරුට

Mohamed Dilsad

බොහෝ ප්‍රදේශ වලට අදත් තද සුළං

Mohamed Dilsad

කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා උමං මාර්ග 03 ක්, එක් උමං මාර්ගයක වැඩ අවසන්- ඇමති පාටලී

Mohamed Dilsad

Leave a Comment