දේශීය

කොරෝනා ගැන රජයෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – දිවයිනේ විවිධ රේහල්වලට කොරෝනා ආසාදිත රෝගීන් ඇතුළත් කර ඇති බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව රජය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව පවසන්නේ කොළඹ කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී යම් පුද්ගලයෙකු රෝගාබාධයකට ලක්ව රෝහල් ගත කිරීම සඳහා රැගෙන යන අවස්ථාවේ ඡායාරූප මාධ්‍ය ඔස්සේ සංසරණය කරමින් එම රෝගියා කොරෝනා වෛරසය ආසාදනය වූයෙන් බවට ගෙන යන ප්‍රචාරද අසත්‍ය බවයි.

මෙම කටකතා ජනතාව ජනතාව අතර අනවශ්‍ය බියක් ඇතිවන ලෙස ප්‍රචාරය කර හරින බවට රජය නිරීක්ෂණය කරන බවද එම නිවේදනයේ දැක්වේ.

මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටි.

එසේම යම් අසාධිත පුද්ගලයෙක් කුමන හෝ ස්ථානයකින් හදුනාගත හොත් ඒ පිළිබඳව තොරතුරු නිල වශයෙන් රජය දන්වන බවද එම නිවේදනයේ සඳහන් කරයි.

තවද රජය විසින් නිකුත් කරන නිල ප්‍රකාශ කෙරෙහි පමණක් අවධානය යොමුකරන ලෙසද රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

ලබන 05 වැනිදා සිට දුරගමන් සේවා

Mohamed Dilsad

යාපනයේ වෙළඳාමේ ගිය ඉන්දීය ජාතිකයෙකුට කොරෝනා වැළඳිලා

Mohamed Dilsad

කතරගම වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment