දේශීය

වුහාන් හි ලංකා සිසුන් ඉවත් කිරීමට තවමත් අවසරයක් නැහැ

(UTV | කොළඹ) –  කොරෝනා වෛරසය දැඩිව ව්‍යාප්ත වී තිබෙන චීනයේ වුහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් ඉවත් කිරීමට ශ්‍රී ලංකාවට තවමත් අවසරයක් ලැබී නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

වුහාන් නගරයට මේ වන විට කිසිවෙකුටත් ඇතුල් වීමට හෝ ඉන් පිටවීමට අවසර නොලෙැබෙන අතර , එහි සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන් 30 දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල උදවිය නගරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකාව චීන රජයෙන් අනුමැතිය ඉල්ලා තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම සිසුන් පිරිස ඉවත් කරන ලෙසට කළ ඉල්ලීමට මෙතෙක් චීන බලධාරීන්ගේ අනුමැතිය ලැබී නොමැත.

බෙයිජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා ගුවන් යානයක් වුහාන් හි පිහිටි ගුවන්තොටුපළට ගොඩබෑම සඳහා ද ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කර ඇත.

Related posts

රංජන් අද රස පරීක්ෂක හමුවට

Mohamed Dilsad

මාලිමාව පැරදුනු සමුපකාරවල බලය නොදේ | දකුණු පළාත් සමූපකාර කොමසාරිස් කාර්යාලයේ උණුසුම් තත්ත්වයක්

Editor O

ඉන්දීයාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අප්‍රේල් 04 සිට 06 දක්වා

Editor O

Leave a Comment