දේශීය

හපුතලේ ගුවන් අනතුරේ රස පරීක්ෂක වාර්තාව ලබන සතියේ

(UTV | හපුතලේ) – ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වයි 12 වර්ගයේ යානයක් හපුතලේදී කඩා වැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බව තහවුරු වී තිබේ.

සිදුකල මූලික පරීක්ෂණ කිහිපයකින් එය අනාවරණය වී ඇති බව රජයේ රස පරීක්ෂක ආරියනන්ද වැලිඅංග කියා සිටියේය.

රස පරීක්ෂක නිළධාරීන් සිද්ධිය වූ වහා හපුතලේ අදාළ කඩා වැටීම වූ ස්ථානයට ගොස් විමර්ශන සිදු කර ඇත.

එමෙන්ම සුන්බුන් කොටස් කොළඹට ගෙන ඒමෙන් පසුවද පුලුල්ව ඒවා නිරීක්ෂණය කර ඇති අතර යානය ඉහළ අහසේදී කිසිදු පිපිරීමකට ලක්ව නොමැති බව එම පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ අවසන් වාර්තාව බොහෝදුරට ලබන සතිය වනවිට එය සකස් කර අවසන් කර අධිකරණයට සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යොමුකිරීමට බලාපොරොත්තු වන බව රජයේ රස පරීක්ෂකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Related posts

කොල්ලුපිටියේදී සිදු වූ දුම්රිය පීලි පැනීම යථා තත්ත්වයට පත් කිරීම තවත් ප්‍රමාද වෙයි

Mohamed Dilsad

එජාපයෙන් අලුත් තීරණයක්

Editor O

හැඳුනුම්පතේ අවසාන අංකය පිලිබඳ නවතම නිවේදනය [RELEASE]

Mohamed Dilsad

Leave a Comment