ව්‍යාපාරික

සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රතිලාභ ලබාදීමට ප්‍රජා පාදක ගම්මාන 07ක්

(UTV | කොළඹ) – සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධන ප්‍රතිලාභ ග්‍රාමීය ජනතාවට ලබාදීමේ අරමුණින් ප්‍රජා පාදක ගම්මාන 07ක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ හීල් ඔය, මාතලේ දිස්ත්‍රික්කයේ ඇටන්වල, ගාල්ල දිස්ත්‍රික්කයේ මෙදේරිපිටිය, බදුල්ල දිස්ත්‍රික්කයේ බෝඹුරු ඇල්ල, ගාල්ල දිස්ත්‍රික්කයේ ගොඩහේන, මාතර වෙහෙරහේන හා රත්නපුර දිස්ත්‍රික්කයේ සීලෝගම යන ගම්මාන සංචාරක ප්‍රජා පාදක ගම්මාන මෙලෙස සංවර්ධනය කිරිමට තෝරාගෙන තිබේ.

තවද මාතලේ දිස්ත්‍රික්කයේ ඇටන්වල ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5.06 ක ප්‍රතිපාදන කොරියානු රජයෙන් ලැබි ඇත.

 

Related posts

“කිසිදු පුද්ගලික ආයතනයකට සතොස විකුණන්නේ නැහැ” – ඇමති රිෂාඞ්

Mohamed Dilsad

මහ බැංකු අධිපතිගේ රුව AI වලින් හදලා : ජාවාරම්කරුවන්ගේ වැඩක් : රැවටෙන්න එපා – ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුම්දීමක්

Editor O

ඇමෙරිකාවෙන් බොර තෙල් මිලදී ගැනීමේ සූදානමක්

Editor O

Leave a Comment