ව්‍යාපාරික

සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රතිලාභ ලබාදීමට ප්‍රජා පාදක ගම්මාන 07ක්

(UTV | කොළඹ) – සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධන ප්‍රතිලාභ ග්‍රාමීය ජනතාවට ලබාදීමේ අරමුණින් ප්‍රජා පාදක ගම්මාන 07ක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ හීල් ඔය, මාතලේ දිස්ත්‍රික්කයේ ඇටන්වල, ගාල්ල දිස්ත්‍රික්කයේ මෙදේරිපිටිය, බදුල්ල දිස්ත්‍රික්කයේ බෝඹුරු ඇල්ල, ගාල්ල දිස්ත්‍රික්කයේ ගොඩහේන, මාතර වෙහෙරහේන හා රත්නපුර දිස්ත්‍රික්කයේ සීලෝගම යන ගම්මාන සංචාරක ප්‍රජා පාදක ගම්මාන මෙලෙස සංවර්ධනය කිරිමට තෝරාගෙන තිබේ.

තවද මාතලේ දිස්ත්‍රික්කයේ ඇටන්වල ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5.06 ක ප්‍රතිපාදන කොරියානු රජයෙන් ලැබි ඇත.

 

Related posts

ටැක්සි සහ ත්‍රීරෝද රථ රියදුරන්ට පෙර නොවූ විරූ වාසි රැසක් සමඟින් ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන One Touch ජංගම දුරකථන යෙදවුම.

Mohamed Dilsad

ප්‍රතිපත්ති පොලි අනුපාත තවදුරටත් අඩු කරයි

Mohamed Dilsad

කොළඹ කොටස් වෙළඳපොල විවෘත කිරීම කල් යයි

Mohamed Dilsad

Leave a Comment