Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඇමෙරිකාවේ බද්දෙන්, ශ්‍රී ලංකාවේ ඇඟළුම් සහ රබර් කර්මාන්තය අවධානමේ – ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්යය ඩබ්.ඒ. විජේවර්ධන

ඇමෙරිකාව ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා මෙතෙක් අයකළ 12%ක තීරුබදු ප්‍රතිශතය 44%ක් දක්වා ඉහළ නැංවූ පසු ලංකාවේ නිෂ්පාදන සඳහා තව දුරටත් ඇමරිකාව තුළ තරග කළ නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන පවසයි.

මේ සමග ඩොලර් මිලියන 2000ක් පමණ වන ශ්‍රී ලංකාවේ ඇඟළුම් සහ ඩොලර් මිලියන 500ක් පමණ වන රබර් නිෂ්පාදන සඳහා ඇමරිකානු වෙළඳපොළ තුළ තව දුරටත් තරග කළ නොහැකි වනු ඇතැයිද ඔහු අවධාරණය කරයි. ආචාර්‍ය ඩබ්. ඒ. විජේවර්ධන මහතා එම අදහස් පළ කළේ යූටියුබ් නාලිකාවක් සමඟ පැවති සාකච්ජාවකදීය.

මෙය ලංකාවේ ඇඟළුම් සහ රබර් ඇතුළු විශාල වශයෙන් ඇමරිකාවට අපනයනය කරන නිෂ්පාදන කර්මාන්ත සඳහා විශාල පහරක් වනු ඇති බවත් රජයට එම කර්මාන්ත රැකගැනීමට විශේෂ සහන දීමට සිදුවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් අදහස් පවසයි.

එසේම  මිනිස් ශ්‍රමය වෙනුවට නව තාක්ෂණය යොදා ගෙන සිය රටේ දීම ඇඟළුම් නිෂ්පාදනයට ඇමරිකාව කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු එහිදී සඳහන් කළේය .

Related posts

‘UNP Restructuring Report’ to be submitted today

Mohamed Dilsad

அதிக விலைக்கு விற்பனை செய்த வர்த்தகர்களுக்கு எதிராக வழக்கு

Mohamed Dilsad

பொரள்ளை பிரதேசத்தில் திடீர் தீ விபத்து

Mohamed Dilsad

Leave a Comment