දේශීයප්‍රමුඛ පුවත 1

බාහිර බලපෑම් මත කිසිවෙකුත් අත්අඩංගුවට නොගන්න – ජනපති

(UTV | කොළඹ) – අත්අඩංගුවට ගනු ලබන සියලුදෙනාට සමානව සලකන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දෙයි.

එසේම කිසිදු බලපෑමකට අවනත නොවන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.

කුමන හේතුවක් නිසා හෝ බාහිර අරමුණු මුල් කරගෙන කවරෙකු හෝ අත්අඩංගුවට නොගත යුතු බවත් ජනාධපතිවරයා අවධාරණය කරයි.

කිසියම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම කළයුත්තේ අදාළ වගකීම ඉටුකරන නිලධාරීන්ගේ වෘත්තීය විනිශ්චය අනුවය.

එකී කාර්ය ස්වාධීනව සහ කිසිදුබිය ගැන්වීමකින් හෝ අනුග්‍රහයකින් හෝ තොරව සිදුවන බවට සහතික කරගතයුතු යැයි දවැඩබලන පොලිස්පතිවරයා දැනුවත් කරන ලෙස ජනාධිපතිතුමා ජනාධිපති ලේකම් ආචාර්ය පි.බී.ජයසුන්දර මහතාට උපදෙස් දී ඇත.

 

Related posts

රත්නපුර එන්නත්කරණය හෙටින් ඇරඹේ

Mohamed Dilsad

මහගිරිදඹය අවධානම්…! භූමිය අස්ථාවර ප්‍රදේශයෙන් ගමන් කිරීම සීමා කරයි

Editor O

මාලදිවයින් විදේශ ඇමැති හා ජනපති අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment