දේශීය

රත්නපුර එන්නත්කරණය හෙටින් ඇරඹේ

(UTV | රත්නපුර) – කොරෝනා මර්දන එන්නත්කරණයේ මීළඟ අදියර රත්නපුර හා යාපනය දිස්ත්‍රික්කවලින් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.    

ඒ අනුව , හෙට (30) දිනයේ රත්නපුර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ආරම්භ කරන බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

කුරුණෑගල, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ජනතාවට සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම මේ වනවිට සිදු කෙරේ.

මේ අතර කොළඹ නාගරික සීමාවේ ජනතාවට සයිනොෆාම් එන්නත් ලබාදීම අද (29) සිට යළි ආරම්භ කරන කොළඹ මහ නගර සභාව පවසයි.

එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කළේ, වැල්ලවත්ත රෝක්සි වත්ත සහ මාලිගාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ එම එන්නත්කරණ වැඩසටහන් පැවැත්වෙන බවයි.

චීන රජයේ පරිත්‍යාගයක් ලෙස සයිනොෆාම් එන්නත් තවත් මාත්‍රා ලක්ෂ 05 ක් මේ වනවිට දිවයිනට ලැබී ඇති අතර ස්පුට්නික් එන්නතේ මාත්‍රා 50,000ක් පෙරේදා මාධ්‍යම රාත්‍රියේ මෙරටට ළඟා විය.

 

Related posts

ගාලු පාර බලපිටියෙන් වැසෙයි

Mohamed Dilsad

ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අලෙවි කිරීමට සැරසෙයි

Mohamed Dilsad

මෙරටට ලක්ෂ 22 ක වටිනාකමකින් යුත් උපකරණ පරිත්‍යාගයක්

Mohamed Dilsad

Leave a Comment