දේශීය

නිරෝධායන නීතිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන පොලිස්පතිගෙන් නව චක්‍රලේඛයක්

(UTV | කොළඹ) – වාහන හා පුද්ගලයින් පරීක්ෂාවේදී මෙන්ම නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමේදී මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයෙන් කටයුතු නොකරන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා උපදෙස් ලබාදී තිබේ.   

සියලු පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් එම උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

ඇතැම් පොලිස් නිලධාරීන් මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයට පරිභව කිරීම් සිදුකරන දර්ශන මාධ්‍ය ඔස්සේ දක්නට ලැබෙන බව පොලිස්පතිවරයා එහිදී පෙන්වා දී ඇත.

එබැවින් එම පුද්ගලයින්ගේ ආත්ම ගරුත්වයට කැළලක් වී ඔවුන් සමාජය ඉදිරියේ අපහසුතාවට පත්වන බවද පොලිස්පතිවරයා සඳහන් කර තිබේ.

මේ හේතුවෙන් වහාම ක්‍රියාත්මන වන පරිදි පුද්ගලයින් හා වාහන පරීක්ෂා කිරීමේදී එවැනි ක්‍රියා අත්හිටුවන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අදාළ චක්‍රලේඛය මඟින් උපදෙස් ලබාදී ඇති බව සඳහන්ය.

කෙසේ වෙතත් එවැනි ක්‍රියා වාර්තා වුවහොත් අදාළ නිලධාරීන්ට සහ ස්ථාන භාර නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිස්පතිවරයා අදාළ චක්‍රලේඛය මඟින් පෙන්වා දී තිබේ.

Related posts

මහ මැතිවරණය කල් දැමිය යුතුයි – කැෆේ සංවිධානය

Mohamed Dilsad

කොරෝනා වැළඳී ඊයේ මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුකෙරේ [PHOTOS]

Mohamed Dilsad

මහජන ආරක්ෂක අමාත්‍යාංශ⁣ වෙබ් අඩවියේ ආරක්ෂාව බිඳවැටුණු බවට, මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාලගෙන් පැමිණිල්ලක්

Editor O

Leave a Comment