දේශීයව්‍යාපාරික

මෙරටට ලක්ෂ 22 ක වටිනාකමකින් යුත් උපකරණ පරිත්‍යාගයක්

(UTV | කොළඹ) – කොරෝනා වසංගතය හමුවේ රුපියල් ලක්ෂ 22 ක වටිනාකමකින් යුතු සෞඛ්‍යාරක්ෂිත උපකරණ පරිත්‍යාගයක් අද (28) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත පිරිනමනු ලැබීය.

“කුසගින්නෙන් පෙලෙන ජාත්‍යන්තරයට කොරියා ආධාර” සංවිධානය විසින් අදාළ පරිත්‍යාගය සිදුකර ඇත.

මේ පරිත්‍යාග අතරට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පරිහරණය සඳහා ආරක්ෂිත ඇඳුම් කට්ටල 1008 ක්, ආරක්ෂිත ගොගල්ස් 480 ක් හා ආරක්ෂිත අත් ආවරණ කට්ටල 200 ක් ඇතුළත් වෙයි.

 

Related posts

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ නිල රථය දියවන්නා වගුරු බිමේ කරනම් ගහයි.

Editor O

ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර – නාවික කටයුතු එපා

Mohamed Dilsad

රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන්ට ඡන්දේ දාන්න නිවාඩු ලැබෙන විදිය

Editor O

Leave a Comment