විදෙස්

හැරී කුමරු කිරුළ හැර යයි

(UTV | බ්‍රිතාන්‍ය) – රාජකීය රාජකාරීවලින් ඉවත් වී, සිය පදවි නම්බු නාම සහ මහජන අරමුදල් අහිමි කර ගත් හැරී කුමරු කැනඩාව බලා පිටත්ව ගොස් තිබේ.

මේ වනවිටත් එහි ගොස් සිටින සිය බිරිඳ මේගන් සහ ආචි පුතු හා එක්වීමට ඔහු මෙලෙස කැනඩාවට ගොස් ඇති බවට වාර්තා වේ.

මෙතෙක් සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදිනිය ලෙස හැදින්වුණු හැරී – මේගන් යුවළ මෙලෙස රජ පවුලෙන් දුරස්ථවීම බ්‍රිතාන්‍යයේ සියවස් ගණනක් පැරණි රාජකීය සංස්ථාව සසල කළ සිද්ධියක් ලෙස සැලකේ.

වඩාත් සාමකාමී දිවියක් ගත කිරීම සඳහා රජ පවුලේ මෙහෙවරින් ඉවත් වීම වේදනාකාරී සිද්ධියක් බව ඊයේ (20) සිය නික්මීම පිළිබදව සංවේදී ප්‍රකාශයක් සිදුකළ හැරී කුමරු කියා සිටියේය.

Related posts

ඉන්දියාවේ නව ජනපති ලෙස ද්‍රවුපදි මුර්මු අද දිවුරුම් දෙයි

Mohamed Dilsad

සිංගප්පූරු රජය චීන – ඔස්ට්‍රේලියා දේශසීමා සීමාවන් ඉවත් කරයි

Mohamed Dilsad

සියලු ජයග්‍රහණ අප මතම රැඳී ඇති බව පූටින් පවසයි

Mohamed Dilsad

Leave a Comment