විදෙස්

සිංගප්පූරු රජය චීන – ඔස්ට්‍රේලියා දේශසීමා සීමාවන් ඉවත් කරයි

(UTV | සිංගප්පූරුව) – චීනයේ සහ ඔස්ට්‍රේලියාවේ සංචාරකයන්ට සිංගප්පූරුව පනවා තිබූ දේශසීමා සංචරණ සීමාවන් නොවැම්බර් 6 වනදා සිට ඉවත් කිරීමට සිංගප්පූරු රජය කටයුතු කර ඇත.

සිංගප්පූරුවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAAS) කියා සිටියේ මෙම රටවලින් පැමිණෙන අමුත්තන් තම සංචාරයට දින 14කට පෙර චීනයේ ප්‍රධාන භූමියේ හෝ වික්ටෝරියා ප්‍රාන්තයද ඇතුළුව ඔස්ට්‍රේලියාවේ රැඳී සිටියේ නම් ඔවුන්ට රටට ඇතුළු වීම සඳහා අවසර ලබාදෙන බවය.

කෙසේ වෙතත් ගුවන් තොටුපළට පැමිණීමෙන් පසු අමුත්තන්ට කොවිඩ්-19 පරීක්‍ෂණයක් කිරීමට අවශ්‍ය වනු ඇති අතර, එසේ වුවද ඔවුන්ට ස්වයං නිරෝධායනයකට යොමුවීමට අවශ්‍ය නොමැති බව කියයි.

සිංගප්පූරුව මෙම නවතම පියවර ප්‍රකාශයට පත්කිරීමට පෙර ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය හැර සෙසු ප්‍රාන්තවලින්, බෘනායි දරුස්සලාම්, නවසීලන්තය සහ වියට්නාමය යන රටවලින් පැමිණෙන සංචාරකයන් සඳහා දේශසීමා සීමාවන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබීය.

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයද කොවිඩ්-19 සටන ජයගැනීම සහ මේ වනවිටත් චීනය කොවිඩ්-19 සටන ජයගෙන තිබීම සිංගප්පූරුව මේ ආකාරයෙන් සිය දේශසීමා සංචරණ සීමාවන් ඉවත් කිරීමට හේතු වී ඇත.

 

Related posts

ඉන්දුනීසියාවේ, උතුරු සුමාත්‍රාවේ රික්ටර් මාපාංක 6.3ක භූකම්පනයක්

Editor O

ජපානයේ ප්‍රබල භූ කම්පනයක්

Mohamed Dilsad

ඇලෙප්පෝහි මුස්ලිම් දේවස්ථානයකට ප්‍රහාරයක්,42 දෙනෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment