විදෙස්

ඉන්දියාවේ නව ජනපති ලෙස ද්‍රවුපදි මුර්මු අද දිවුරුම් දෙයි

(UTV | ඉන්දියාව) – ඉන්දියාවේ නව ජනාධිපති ලෙස ද්‍රවුපදි මුර්මු අද දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.

64 හැවිරිදි ඇය සැළකෙන්නේ ඉන්දීය ඉතිහාසයේ ගෝත්‍රික සමාජය නියෝජනය කරන පළමු ජනාධිපතිවරයා ලෙසයි.

එමෙන්ම ඉන්දීය ජනාධිපති ධුරයට පත්වන දෙවන කාන්තාව බවටද ද්‍රවුපදි මුර්මු අද පත්වනවා.

අද පෙරවරු 10 යි 15 ට සිදුකෙරෙන දිවුරුම්දීමෙන් අනතුරුව නව ජනාධිපතිනියට ආචාර වෙඩිමුර 21 ක් පිරුනැමීමට සැළසුම් කර තිබෙනවා.

පසුගියදා ඉන්දීය පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී විපක්ෂ අපේක්ෂක යෂ්වාන්ත් සිංහා පරාජයට පත් කරමින් ද්‍රවුපදි මුර්මු එම තනතුරට තේරී පත්වුණා.

Related posts

හමාස් නායකයා ගේ නිවාස වටලයි

Mohamed Dilsad

ටොංගා දිවයින්හි පාර්ලිමේන්තුව විනාශ වෙයි

Mohamed Dilsad

ප්‍රංශ ජනාධිපති කොලොම්බියා සංචාරයක

Mohamed Dilsad

Leave a Comment