දේශීය

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්

(UTV | කොළඹ) – සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සදහා කාර්ය සාධක බලකායක් පත් කරන බව රජය පවසයි.

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවේ ඊට සංචාරක අමාත්‍යාංශය, සංචාරක සංවර්ධන අධිකාරිය සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම යන ආයතනයන් වල ඉහළ නිලධාරින් ඇතුලත් වන බවයි.

මෙරට සංචාරක ව්‍යාපාරය මුහුණපා ඇති ගැටලු හඳුනාගෙන ඊට විසදුම් සැකසීම හා එම යෝජනා ක්‍රියාත්මක කිරිම මෙම බලකායට පැවරේණු ඇත.

සති 02ක් තුළ මේ සදහා වන වැඩ පිළිවෙල තමන් වෙත ඉදිරිපත් කරන ලෙස මෙම කාර්ය සාධන බලකායට උපදෙස් දුන් බවද අමාත්‍යවරයා පැවසීය.

Related posts

රන් මිල සීඝ්‍රයෙන් ඉහළට

Mohamed Dilsad

ශිෂ්‍යත්වය සහ උසස් පෙළ පවත්වන දිනයන්ගේ වෙනසක් නැහැ

Mohamed Dilsad

ඉන්දියානු සමාගමකට දුන් ව්‍යාපෘතිය ගැන ඇමති බන්දුල වාර්තාවක් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment