දේශීය

ඉන්ධන බද්ධ අඩු කිරීම කෙරෙහි රජයේ අවධානය

(UTV | කොළඹ) – ඉන්ධන මිළ සූත්‍රය මේ දක්වා ක්‍රියාත්මක වූයේ නම් මේ වන විට සෑම ඉන්ධන ලීටරයකම මිල රුපියල් 10 ත් 15 ත් අතර මිළකින් ඉහල යන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා කියා සිටියේ අදාල මිළ සූත්‍රය අහෝසි කර දැමූ නිසා එවන් තත්වයක් උද්ගත නොවූ බවයි.

ඔහු මෙම අදහස් පළ කලේ අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින්.

ඉන්ධන ටොන් 35000 ක් සහිත නෞකාවක් මේ මාසය තුළ මෙරටට පැමිණෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

කෙසේවෙතත් අමාත්‍යවරයා පැවසුවේ දින 20 කට ප්‍රමාණවත් පරිදි ඉන්ධන තොග මෙරට සතුව ඇති බවයි.

ඉන්ධන මත පණවා ඇති බද්ධ අඩු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවද අමත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

Related posts

වාහන ඉල්ලුම අඩුවෙයි…!

Editor O

රනිල්, හර්ෂ, කබීර් ඇතුළු විපක්ෂ ප්‍රභලයෝ පිරිසක් ඇමරිකා තානාපතිනිය හමුවෙයි.

Editor O

ශානි අබේසේකරගේ පෙත්සම යළි කල් යයි

Mohamed Dilsad

Leave a Comment