දේශීය

ශිෂ්‍යත්වය සහ උසස් පෙළ පවත්වන දිනයන්ගේ වෙනසක් නැහැ

(UTV | කොළඹ) – මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පවත්වන දිනයන්ගේ වෙනසක් සිදු නොවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.

ඒ අනුව 05 ශ්‍රේණි‍යේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තොම්බර් 11 දින පැවැත්වෙන අතර උසස් පෙළ විභාගය ඔක්තොම්බර් මස 12 සිට නොවැම්බර් මස 06 වන දා දක්වා පැවැත්වේ.

එහෙත් විභාග සහතික පත්‍ර නිකුත් කිරීම ඔන්ලයින් (Online) ක්‍රමය ඔස්සේ පමණක් සිදු කරන අතර නිරෝධායන හේතු මත දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළට මහජන පැමිණීම සීමා කර ඇති බැවින් නැවත දැනුම් දෙන තුරු විභාග දෙපාර්තමේන්තු එක්දින සහ සාමාන්‍ය සේවා කවුළු තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇත.

ඒ පිළිබඳ ව යම් ගැටලුවක් වේ නම් 1911  ක්ෂණික අංකය ඔස්සේ තොරතුරු විමසිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

හේමසිරි සහ පූජිත්ට එරෙහි පැමිණිල්ල කැඳවීමට දින නියම වෙයි

Mohamed Dilsad

උණුසුම් කාලගුණයක් : හෙට (19) දිනයේ හිරු එළියට වැඩි වශයෙන් නිරාවරණයවීම අවධානම්

Editor O

කොරෝනා රෝගීන් ගණන 259කින් ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment