ව්‍යාපාරික

කොටස් වෙළඳපොලේ දිනක් තුළ විශාලතම කඩා වැටීම අද

(UTV |කොළඹ) – කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ විශාලතම කඩා වැටීම අද (05) දින වාර්තා විය.

අද(05) දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 462.99 කින් පහළ ගිය අතර මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 400 ක් ඉක්මවූ අගයකින් පහළ ගිය පළමු අවස්ථාව ලෙසින් මෙය වාර්තා වේ.

මීට පෙර තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ වැඩිම පහළ යාම මෙම වසරේ මාර්තු 20 දින වාර්තා වූ අතර එහිදී සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 303.10 ක පහළ යාමක් වාර්තා විය.

Related posts

කැන්ගරු කැබ්ස්, මගීන් සමග එක් වී, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක

Editor O

වීදී ආහාර නිෂ්පාදනය විධිමත් කිරීමට අවධානය

Mohamed Dilsad

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ජනපති අතට

Mohamed Dilsad

Leave a Comment