Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

කැන්ගරු කැබ්ස්, මගීන් සමග එක් වී, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක

පසුගිය ඔක්තෝබර් මාසය හෙවත් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය වෙනුවෙන් කැන්ගරු කැබ්ස් විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබිණි.

එම වැඩසටහන යටතේ මගී ආසනයේ ඉහළ කොටස විශේෂ QR කේතයකින් සමන්විත රෝස පැහැති රිබන් පටියකින් සරසා තිබිණි. එම කේතය හරහා Kangaroo Cabs නිල වෙබ් අඩවියට පිවිස පියයුරු පිළිකාවලට අදාළ වැදගත් කරුණු සහ පියයුරු පිළිකා කල් ඇතිව හඳුනා ගැනීමේ වැදගත්කම පිළිබඳ තොරතුරු දැන ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබිණි. මෙරට වඩාත් විශ්වාසනීය කුලී රථ සේවා සමාගමක් වන Kangaroo Cabs දෛනිකව පාරිභෝගිකයන් දහස් ගණනකට සේවා සපයයි. එම සමාගම ගුවන්තොටුපොළ ගමන්වල සිට විදෙස් සංචාරකයන් සඳහා වන පෞද්ගලික චාරිකා දක්වා සියලු ප්‍රවාහන සේවා සපයයි. මෙම සුවිශේෂ වැඩසටහන තුළින් දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් අතරද පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමට හැකියාව ලැබිණි.

මෙම වැඩසටහන බොහෝ සේ අගය කළ මගීන් ඒ පිළිබඳව රියැදුරන් සමග අදහස් හුවමාරු කර ගත් අතර ඔවුන්ගේ ප්‍රතිචාර පිළිබඳව රියැදුරෝ ප්‍රධාන කාර්යාලය දැනුවත් කළහ. ඒ තුළින් මෙම වැඩසටහනෙන් ඇති වූ ධනාත්මක බලපෑම පිළිබිඹු වේ. “එදිනෙදා කුලී රථ ගමනක් තුළින් ඉතා වැදගත් පණිවුඩයක් සමාජගත කිරීමට ලැබීම අපට විශාල ආඩම්බරයක්. රෝස පැහැති රිබන් පටියකින් සමාජයට ධනාත්මක බලපෑමක් කරන්නට අපට හැකි වුණා. කුඩා ක්‍රියාවකින් පවා අර්ථවත් යමක් කළ හැකි බව මේ තුළින් තහවුරු වෙනවා.” Kangaroo Cabs සමාගමේ ප්‍රකාශකයෙක් පැවැසීය. Kangaroo Cabs දෛනිකව ගනුදෙනු කරන දහස් ගණනක් මගීන් හරහා මෙම පණිවුඩය ඉතා හොඳින් සමාජගත කිරීමට ඔවුන්ට හැකි විය. පිළිකාවෙන් ජීවිත බේරා ගැනීමට වඩාත්ම ප්‍රතිපලදායක ක්‍රියා මාර්ගය කල් ඇතිව පිළිකාව හඳුනා ගැනීම බව ජනගත කිරීමෙන් ඉතා යහපත් ප්‍රතිපල ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ප්‍රවාහන සේවා සැපැයීමට අමතරව සමාජ වගකීම අඩුවකින් තොරව ඉටු කිරීම Kangaroo Cabs සමාගමේ අපේක්ෂාවයි. ඉදිරියේදීත් ආරක්ෂාව සහ ප්‍රජා යහපත වෙනුවෙන් බොහෝ වැඩසටහන් දියත් කිරීමට ඔවුන් සැළැසුම් කර ඇත. මගීන්ගේ දායකත්වයද ලැබෙන ලෙස එම වැඩසටහන් සංවිධානය කිරීම සුවිශේෂ කරුණකි. www.kangaroocabs.com වෙතින් වැඩි දුර තොරතුරු ගත හැකිය.

Related posts

උපරිම මිලට ළූණු අලෙවිකරන වෙළඳුන් වැටලීම් අද සිට

Mohamed Dilsad

Non-sanitised polythene worth of Rs. 1 million seized

Mohamed Dilsad

Elephant rampage in Kahawatte injures 31

Mohamed Dilsad

Leave a Comment