ක්‍රීඩා

සිම්බාබ්වේ හමුවේ ලංකාවට දැවැන්ත පරාජයක්

(UTV | කොළඹ) –  සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

ඊයේ (19) තරගය නතර කරන විට සිය ප‍්‍රථම ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙන සිම්බාබ්වේ කණ්ඩායම කඩුළු 02 කට ලකුණු 189 ක් රැස්කර ගෙන සිටියා. නොදැවී පන්දුවට පහරදෙන ක්‍රෙග් අර්වින් ලකුණු 55 යි.

මේ අතර වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග ඊයේ (19) පැවැති තරගයෙන් ශ‍්‍රී ලංකාව ලකුණු 90 කින් පරාජයට පත්විය.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුළු 04 කට ලකුණු 297 ක් ලබාගැනීමට සමත් වයි.

මෙහිදී ශ‍්‍රී ලංකා කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ ලකුණු 207 ක් පමණයි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහභාගී වන මීළඟ තරගය ලබන බදාදා නවසීලන්තය සමග පැවැත්වීමට නියමිතයි.

Related posts

ශ්‍රී ලංකාවේ කොදෙව් තරග සංචාරය කල් යාමේ අවධානමක්

Mohamed Dilsad

ආසියානු කුසලානයේ තරග කාලසටහන මෙන්න

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් සහ අගමැතිගෙන් සුබපැතුම්

Mohamed Dilsad

Leave a Comment