ක්‍රීඩා

ආසියානු කුසලානයේ තරග කාලසටහන මෙන්න

(UTV| කොළඹ) – ඉන්දියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව, බංගලාදේශය හා ඇෆ්ගනිස්ථානය මෙවර තරගාවලියට එක්වන අතර මෙවර තරගාවලිය පන්දුවාර 50 තරගාවලියක් ලෙස පැවැත්වේ.

2016 පැවති විස්සයි විස්ස ලෝක කුසලානයට සූදානම් වීම අරමුණු කරගනිමින් 2016 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වුනේ විස්සයි විස්ස තරගාවලියක් ලෙසිනි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව, ඕමානය, නේපාලය, මැලේසියාව හා හොං කොං ඉන්දියාවේ දී පැවැත්වෙන ආසියානු කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියකට එක්වන අතර එහි ජයග්‍රාහකයින් ද ආසියානු කුසලාන තරගාවලියට එක්වනු ඇත.

කාණ්ඩය දෙකක් යටතේ පළමු අදියර ක්‍රියාත්මක වේ. A කාණ්ඩයට ඉන්දියාව, පකිස්ථානය හා තේරීම් තරගාවලිය ජය ගන්නා කණ්ඩායම ඇතුලත් වන අතර B කාණ්ඩයට ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංගලාදේශය ඇතුලත් වේ.

එක් එක් කාණ්ඩයේ පළමු ස්ථාන දෙක දිනා ගන්නා කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර අවසන් මහා තරගය සැප්තැම්බර් 28 දා ඩුබායි හිදී පැවැත්වීමට නියමිතය.

කාණ්ඩ අදියර

  • 15 සැප්තැම්බර් – බංගලාදේශය හා ශ්‍රී ලංකාව (ඩුබායි)
  • 16 සැප්තැම්බර් – පකිස්තානය හා තේරීම් තරගාවලියේ ජයග්‍රාහකයින් (ඩුබායි)
  • 17 සැප්තැම්බර් – ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය (අබුඩාබි)
  • 18 සැප්තැම්බර් – ඉන්දියාව හා තේරීම් තරගාවලියේ ජයග්‍රාහකයින් (ඩුබායි)
  • 19 සැප්තැම්බර් – ඉන්දියාව හා පකිස්තානය (ඩුබායි)
  • 20 සැප්තැම්බර් – බංගලාදේශය හා ඇෆ්ගනිස්තානය (අබුඩාබි)

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දීය ලේජන්ඩ්ස් කණ්ඩායමේ කොරෝනා ආසාදිතයින් ඉහළට

Mohamed Dilsad

කාසියේ වාසිය අයර්ලන්තයට

Mohamed Dilsad

ක්‍රිකට් ක්‍රීඩකයන්ට වාර්ෂික කොන්ත්‍රාත්තුව දීමට තීරණය කරයි

Mohamed Dilsad

Leave a Comment