ක්‍රීඩා

ඉන්දීය ලේජන්ඩ්ස් කණ්ඩායමේ කොරෝනා ආසාදිතයින් ඉහළට

(UTV | ඉන්දියාව) – ඉන්දීය ලේජන්ඩ්ස් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙක්ට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.   

ඒ අනුව, ඉර්ෆාන් පතාන් ට ද කොවිඩ් -19 ආසාදනය වී ඇති බව සඳහන් වේ.

ඔහු ඒ බව ට්විටර් පණිවුඩයක් මගින් අනාවරණය කර තිබේ.

ඒ අනුව මේ දක්වා ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් සිව් දෙනෙක් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

මීට පෙර ඉර්ෆාන් පතාන්ගේ සහෝදරයා වන යුසුෆ් පතාන්ට මෙන්ම එස්. බද්‍රිනාත් සහ සචින් ටෙන්ඩුල්කාර්ට ද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු විය.

ඉර්ෆාන් පතාන් මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව සඳහන්.

 

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ ප්‍රධාන පුහුණුකරු කවුද?

Mohamed Dilsad

ශ්‍රී ලංකා නේපාල ක්‍රිකට් තරඟය වැස්සට හේදෙයි

Editor O

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට නව පිතිකරණ පුහුණුකරුවෙක්

Mohamed Dilsad

Leave a Comment