ක්‍රීඩා

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රීඩකයින් ස්වයං නිරෝධායනයට

(UTV | කොළඹ) – පසුගියදා ඉන්දියාවේ දී නිමා වූ “Road Sefety World Series” තරඟාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇත.  

ඒ, තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ සාමාජිකයෙකුගෙන් කොවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන්.

තරඟාවලියට ක්‍රීඩා කළ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසකට ද වෛරසය ආසාදනය වී ඇති පසුබිමකයි ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රීඩකයින් පිරිසකට නිරෝධායනයට ලක්වන ලෙසට මෙලෙස උපදෙස් ලැබී ඇත්තේ.

සචින් තෙන්ඩුල්කාර්, යුසුෆ් පතාන්, එස්. බද්‍රිනාත් සහ ඉර්ෆාන් පතාන් එම ක්‍රීඩකයින් සිව් දෙනා වේ.

 

Related posts

පාකිස්තානයට එරෙහිව කඩුලු 5ක ජයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමේ උප නායිකාව දැයෙන් සමුගනී

Mohamed Dilsad

ලෝක කණ්ඩායමට එක්වූ අලුත් මුහුණු දෙක

Mohamed Dilsad

Leave a Comment