විදෙස්

පාකිස්තාන ජනාධිපතිටත් කොරෝනා

(UTV |පාකිස්තානය) – පාකිස්තාන ජනාධිපති අරිෆ් අල්විටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට මාධ්‍ය වාර්තා තහවුරු කරයි.   

ඔහුට චීන සිනොෆාම් කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමෙන් පසුව එලෙස වෛරසය ආසාදනය වීම විශේෂත්වයක්.

පාකිස්තාන ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ පළමු මාත්‍රාව ලබා ගත්ත ද දෙවන මාත්‍රාව ලබා ගන්නා තුරු කොරෝනා වෛරසයට එරෙහිව තම දේහය තුළ ප්‍රතිදේහ වර්ධනය නොවීම අපේක්ෂා කළ හැකි කරුණක් බවයි.

ඔහුට කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට නියමිතව ඇත්තේ තවත් සතියකින්.

Related posts

ලොව පළමු කොවිඩ් 19 එන්නතට රුසියාවේ අනුමැතිය

Mohamed Dilsad

ඇමරිකාවෙන් වාර්තා වන දෛනික කොවිඩ් මරණවල අඩුවීමක්

Mohamed Dilsad

නේපාලයේ කත්මන්ඩු නුවරට ගුවන් යානයක් කඩා වැටේ

Mohamed Dilsad

Leave a Comment