ක්‍රීඩා

පාකිස්තානයට එරෙහිව කඩුලු 5ක ජයක්

(UTV |  ඩුබායි) – ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ අවසන් තරගය වූ ශ්‍රි ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු පහක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කන්ඩායම සමත්විය.

මෙම තරගයේ ප්‍රථිඵලය කණ්ඩායම් දෙකටම බලපෑමක් ඒල්ල නොකරන අතර මෙම කණ්ඩායම් දෙකම ලබන ඉරිදා අසියාවේ ක්‍රිකට් ශූරයන් වීම වෙනුවෙන් සටන් වැදිමට නියමිතව තිබේ.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම 121කට සීමා විය.

ඒම ඉලක්කය පන්දුවාර 17කදී කඩුලු පහක් පමණක් දැවී පසුකර යාමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූය. ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 55ක් රැස්කමින් තරගය ශ්‍රී ලංකාවට දිනා දුන්නේය.

Related posts

වාස් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කරයි

Mohamed Dilsad

කාසියේ වාසිය අයර්ලන්තයට

Mohamed Dilsad

නරඹන්නන් නොමැතිවීම තම කණ්ඩායමට වාසියක් – කොදෙව් පුහුණුකරු

Mohamed Dilsad

Leave a Comment