ක්‍රීඩා

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරඟයට සියල්ල සුදානම්

(UTV |හරාරේ) – ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ පිල අතර, පළමු ටෙස්ට් තරඟය අද ආරම්භවේ.

ඒ හරාරේ නුවරදී.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ දිමුත් කරුණාරත්නය.

ෂෝන් විලියම්ස්, සිම්බාබ්වේ පිලේ නායකත්වය දරයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට සුරංග ලක්මාල්, ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් යන පළපුරුදු ක්‍රීඩකයන් ඇතුලත් වන අතර අද ආරම්භ වන පළමු ටෙස්ට් තරඟය සඳහා ලහිරු තිරිමාන්න යොදා ගැනීම අවිනිශ්චිත බවද වාර්තාවේ.

සිම්බාබ්වේ කණ්ඩායම මෙලෙස ටෙස්ට් තරඟාවලියට සහභාගි වන්නේ වසර දෙකකට වැඩි කාලයකින් අනතුරුවය.

සිම්බාබ්වේ පිල මෙතෙක් ශ්‍රී ලංකාව සමඟ පැවති ටෙස්ට් තරඟාවලියක් ජයග්‍රහණය කර නොමැත.

Related posts

ඉන්දු – ශ්‍රි ලංකා විස්සයි 20 අවසන් තරගය අදයි

Mohamed Dilsad

අහ්මඩ් ඛාන්ට වසර 5 ක ක්‍රිකට් තහනමක්

Mohamed Dilsad

ලොව අංක ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික්ගේ වීසා බලපත්‍රය අවලංගු කරයි

Mohamed Dilsad

Leave a Comment