දේශීය

සොරකම් කිරීමේ චෝදනා මත ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට

(UTV |ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියානු නගරයක් වන මෙල්බර්න් හිදී ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකු සහ ඉන්දියානුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මෙල්බර්න් හි සීබීඩී ප්‍රදේශයේ පොදු ප්‍රවාහන සේවාවලදී සහ සාප්පු සවාරි යන ජනතාවගේ මුදල් පසුම්බි සොරකම් කිරීමේ චෝසචෝදනා මතය.

පසුගිය මාස දෙක තුළ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

චූදිතයන් අතර කාන්තාවන් තිදෙනෙකු සහ වයස අවුරුදු 25 ත් 38 ත් අතර පිරිමින් සිව්දෙනෙකු වන බව වාර්තාවේ.

ඔවුන් සියල්ල අප්‍රේල් 14 වනදා මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට නියමිතය.

Related posts

මාස 3ක කාලයක් සඳහා අයවැය චක්‍රලේඛයක්

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක්

Mohamed Dilsad

නෞකාවේ කපිතාන්වරයා ඇතුළු තිදෙනෙකුට රටින් පිටවීම තහනම් කරයි

Mohamed Dilsad

Leave a Comment